2022 මූල්‍ය වර්ෂයේදී ජපානය තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් වේගයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරේ


උද්ධමනය සමඟ ජපානයේ පාරිභෝගික භාණ්ඩ මිල තවදුරටත් ඉහළට යයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සහ 'යෙන්' හි සීග්‍ර අවපාතනය හේතුවෙන් රට තුළ අලෙවිය සඳහා තබා ඇති නැවුම් ආහාර ඇතුළු භාණ්‌ඩ හා සේවා වල පාරිභෝගික මිල ගණන් , වත්මන් මූල්‍ය වර්ෂයයේදී 2.6% කින් ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජපානයේ ප්‍රධාන ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සලය සඳුදා ප්‍රකාශ කළේය .

 

“ඉහළ යන මිල ගණන් COVID-19 වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරනු ලබන ආර්ථිකයට  දැඩි අවදානමක්” යනුවෙන් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් අගමැති Fumio Kishida පැවසීය.

 

Kishida ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්, BOJ හි ආණ්ඩුකාර Haruhiko Kuroda සහ ව්‍යාපාරික නායකයින් ප්‍රධාන ආර්ථික කවුන්සිලයට අයත් වන අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ඉහළ යන මිල ගණන් මධ්‍යයේ පාරිභෝගික පරිභෝජනය පහත වැටීම වැළැක්වීම සඳහා අඩු විදුලි පරිභෝජනයක් සහිත නිවාස වෙතට ත්‍යාග ලකුණු ලබා දීම, අධික පොහොර පිරිවැය සමඟ අසීරුවෙන් කටයුතු කරන ගොවී මහතුන්ට ආධාර කිරීම වැනි අත්‍යාවශ්‍ය පියවර රාශියක් ගැනීමට නිලධාරීන් මෙහිදී ප්‍රතිඥා දී තිබේ .

111 Views

Comments