අගනුවර මහල් නිවාසයකදී කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


කාන්තාවකට අතවර කර පුද්ගලයකු ටෝකියෝ නුවරදි අත්අඩංගුවට ගනී

.

මේ මස මුලදී 20 හැවිරිදි තරුණියකගේ Nerima Ward හි පිහිටි මහල් නිවාසය තුළට බලහත්කාරයෙන් ඇතුළු වී පිහියක් පෙන්වා තර්ජනය කොට ලිංගික අතවර සිදු කළ බවට සැකපිට 39 හැවිරිදි සමාගමේ සේවකයෙකු වන Yusuke Nitta නම් පුද්ගලයෙකු Tokyo අගනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

 

ජුලි 7 වන දින රැකියාව නිමවී තම නිවසට පැමිණෙමින් සිටි කාන්තාව ලුහුබැඳ ඇගේ නවාතැනට ගිය සැකකරු විසින් ඇගේ මහල් ගොඩනැගිල්ලේ දොර ස්වයංක්‍රීයව වැසී යාමට පෙර නිවාස තුළට ඇතුළු වී තිබේ. 

 

මහල් ගොඩනැගිල්ලෙන් පිටත වීදි නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසුව Nitta හඳුනාගත් බවත් එම අවස්ථාවේදී කාන්තාව බීමතින් සිටි බවට සැකකරු පාපොච්චාරණය කළ බවත් පොලිසිය මෙහිදී සදහන් කළේය.

Comments