Lowa උද්‍යානයේ කූඩාරමක් තුළදී  සිදුවූ සමූල ඝාතනය


Lowa උද්‍යානයෙහි Cedar දිය ඇල්ල අසල සමූල ඝාතනයක් සිදුවේ

.

Des Moines සිට සැතපුම් 180 පමණ නැගෙනහිරින් පිහිටි Maquoketa ගුහා රාජ්‍ය උද්‍යානයේ Lowa ප්‍රදේශය තුළ පිහිටි Cedar දිය ඇල්ල අසල කඳවුරු බැඳ සිටි පවුලක දෙමාපියන්, 6 හැවිරිදි දැරිය සහ 9 හැවිරිදි පිරිමි ළමයා යන සාමාජිකයන් හතර දෙනා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර එහිදී 9 හැවිරිදි පිරිමි ළමයා වූ Arlo පමණක් දිවි ගලවා ගැනීමට සමත් වී තිබේ. 

 

Lowa හි මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ප්‍රහාරයට ලක්ව මිය ගිය වින්දිතයින් ලෙස 42 හැවිරිදි Tyler Schmidt, ඔහුගේ බිරිඳ වූ 42 හැවිරිදි Sarah Schmidt සහ ඔවුන්ගේ දියණිය වූ Lula Schmidt හඳුනාගෙන ඇති අතර සිකුරාදා දින ඔවුන්ගේ සිරුරු කූඩාරමේ තිබියදී සොයා ගෙන ඇත. 

 

Anthony Sherwin නමැති 23 හැවිරිදි පුද්ගලයකු ඝාතනයේ සැකකරු ලෙස හදුනාගත් බවත් ඔහු එදිනම වනෝද්‍යානයේ වනාන්තර ප්‍රදේශයක් තුළදී ස්වයං වෙඩි තැබීමකින් තුවාල ලබා මියගොස් සිටියදී සොයා ගත් බවත් මෙහිදී බලධාරීහු ප්‍රකාශ කළහ.

 

"මෙයට හේතු වූයේ කුමක්ද, එයට හේතු වූයේ කුමක්දැයි අපි තවමත් නොදනිමු. පරීක්ෂණයෙන් Schmidt ගේ පවුල සහ සැකකරු අතර මුල් අන්තර්ක්‍රියාකාරිත්වයක් මෙතෙක් අනාවරණය වී නොමැත" යනුවෙන් මහජන ආරක්‍ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශයේ සහකාර අධ්‍යක්ෂ Mitch Mortvedt මෙම අභිරහස් ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටියේය.

136 Views

Comments