පුරාණ, නවීන විලාසිතා  සම්මිශ්‍රණය කළ Nomads ලෝක විලාසිතා උළෙල 


මෙවරද Nomads ලෝක විලාසිතා උළෙල සාර්ථකව පැවැත්විණි

.

කිරිගිස්තානයේ උස් වූ Tian Shan කඳුකරයේ පිහිටි ලොව ගැඹුරුම විල්වලින් එකක් වන Issyk-Kul විල් තීරයේ පැවති මෙවර Nomads ලෝක විලාසිතා උළෙලට සහභාගී වී සිටි නිරූපිකාවන් සියලු දෙනාම පාහේ නවීන හා පෞරාණික විලාසිතා මිශ්‍ර කර නිර්මණය කරන ලද ඇඳුම් භාවිතයෙන් හැඩ ගන්වා තිබූ අයුරු දක්‌නට ලැබිණි. 

 

තුන්වන වරටත් පැවැත්වෙන මෙම උත්සවයේදී වසර දහස් ගණනක් පැරණි කිර්ගිස්තානයේ සංචාරක සංස්කෘතිය විදහා දැක්වීම සිදුවූ අතර එහි සියලු නිර්මාණ අගය කිරීම සඳහා රටවල් 20 ක පමණ නිර්මාණකරුවන් සහ විලාසිතා-කර්මාන්ත ශිල්පීන් දිදුලන Issyk-Kul විල් තීරය වෙත ඇද ගන්නා ලදී.

 

සමහර නිරූපිකාවන් විසින් පැළඳ සිටි සිහින්, උස් පටි හා විලුඹ සහිත කාන්තා පාවහන සංචාරකයෙකුට නොගැලපුණු නමුත් ගවයන්ගේ අං තට්ටුව අනුකරණය කරන බවක් පෙනෙන්නට තිබූ ඔවුන්ගේ සමහර හිස් පළඳනාවන් සහ කැරකෙන, විශාල සාය ඉතා දර්ශනීය විය . 

 

බොහෝ ඇඳුම් විචිත්‍රවත් වර්ණවලින් හා රටා වලින් යුක්ත වූ අතර සංදර්ශනය මගින් අමුත්තන් හට ඇඳුම් පැළඳුම් මෙන්ම හම් ලී රාමු සහිත yurts කූඩාරම් සහ දීප්තිමත් වර්ණ සහිත බුමුතුරුණු දැකීමට ඉතා දුර්ලභ ගණයේ අවස්ථාවක් හිමි කර දී තිබිණි .

111 Views

Comments