සුනාමියෙන් විනාශයට පත්වූ ඊසානදිග වෙරළ තීරය වසර 12 කට පසු මහජනතාවට විවෘත කෙරේ


සුනාමි ව්‍යසනයෙන් පසු Namiita වෙරළ මහජනතාවට විවෘත වේ

.

2011 වසරේදී ජපානයේ ඇතිවූ මහා නැගෙනහිර භූමිකම්පාව සහ සුනාමිය හේතුවෙන් විනාශයට ලක්ව වසා දමා තිබූ Iwate ප්‍රාන්තයේ Otsuchi නගරයේ Namiita වෙරළ තීරය යළිත් වරක් ජනතාවට ඇතුළු විය හැකි පරිදි ප්‍රතිෂ්ඨාපනය කිරීමට පළාත් පාලන ආයතන විසින් දරන ලද ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, වසර 12කට පසු ප්‍රථම වතාවට පසුගිය ජුලි 23 වන දින වෙරළ තීරය සංචාරකයින් හට විවෘත කිරීම සිදුවිය. 

 

දේශීයව "Yamase" ලෙස හැඳින්වෙන සිසිල් සහ තෙතමනය සහිත ඊසානදිග සුළඟ නිසාවෙන් පරිසරයේ ඇතිවන මීදුම් සහිත තත්ත්වය පවා නොතකා ලොකු, කුඩා සංචාරකයන් සියලු දෙනා වෙරළ තීරයේ දුව පනිමින් මුහුදු රැළි සමඟ ක්‍රීඩාවේ යෙදෙන අයුරු මෙන්ම වසර ගණනාවකට පසු හිමිවූ සතුට භුක්ති විඳින අයුරු දක්නට ලැබිණි.

 

මුහුදු රැළි වල තරංග ප්‍රමාණය අඩු කරන නොගැඹුරු ජල ප්‍රදේශය ඇතුළු සුවිශේෂී භූගෝලීය සාධක කීපයක් හේතුවෙන් "Katayosenami" හෝ "ඒක පාර්ශවීය තරංග" සඳහා ඉමහත් ප්‍රසිද්ධයට පත්ව ඇති මෙම වෙරළ තීරය 2011 දී ඇතිවූ සුනාමිය සහ පොළව ගිලා බැසීම හේතුවෙන් අහිමිවී ගිය නමුත්, පසුකාලීනව 2019 සිට 2021 දක්වා Iwate ප්‍රාන්ත රජය විසින් ඒ අවට ප්‍රදේශයට දළ වශයෙන් වැලි ඝන මීටර් 42,000 ක් පමණ ප්‍රවාහනය කර මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක් පමණ දුරින් යළිත් වරක් අලංකාර වෙරළ තිරයක් ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගන්නා ලදී.

146 Views

Comments