ළමා අපයෝජනයෙන් දිවි ගලවා පුද්ගලයන් තම  අත්දැකීම් බෙදා ගැනීමට ඉදිරිපත් වෙයි


ළමා අපයෝජනයන්ගෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් තමන්ගේ අත්දැකීම් බෙදා ගනියි

.

තම ජීවිත කාලය තුළදී එක් වරක් හෝ කිහිපවරක් අපයෝජනයට ලක්වූ සහ දුකට පත්වූ පුද්ගලයින්ට යළි නැගී සිටීම සඳහා ශක්තියක් වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන අන්තර්ජාල වේදිකාවක් වන Abuse Dialogue විසින් මෑතකදී පවත්වන ලද අන්තර්ජාල සම්මන්ත්‍රණයකදී ජපානයේ ළමා අපයෝජනයෙන් දිවි ගලවා ගත් වැඩිහිටි පුද්ගලයින් ඔවුන්ගේ අත්දැකීම් සහ එම අනිසි සැලකීම් දිගින් දිගටම ජීවිත කාලය පුරාවටම බලපාන ආකාරය පිළිබඳව අන් අය දැනුවත් කිරීම සඳහා තමන්ගේ අදහස් බෙදා හදා ගැනීමට ඉදිරිපත් වී තිබේ .

 

2020 වසරේ ජූනි මාසයේදී Nagoya ප්‍රාන්තයේ Naka Ward හි සමාජ සුබසාධන සේවිකාවක් වන 25 හැවිරිදි Kenta Isomura හා තවත් දෙදෙනෙකු විසින් පළමු වරට මෙම සාකච්ඡා මාලාව දියත් කර ඇති අතර මසකට දෙවරක් පැවැත්වෙන මෙම වැඩමුළුව, අපයෝජනයට ගොදුරු වූවන් සහ ළමා අපයෝජන සම්බන්ධ ගැටළු පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයින් සදහා විසඳුම් සෙවීමට මෙන්ම ඒවා පිළිබඳව විවෘතව  සාකච්ඡා කිරීමට හැකි ස්ථානයක් වශයෙන් හැඳින්වේ. 

 

"සමහර අවස්ථාවලදී අපයෝජනයෙන් දිවි ගලවා ගත් අයට හැඟෙන්නේ ඔවුන් වැඩිහිටියෙකු වූ පසුවත්, සබඳතා හොඳින් ගොඩනඟා ගැනීමට නොහැකි වීම සහ මානසික ගැටලු ඇතිවීම වැනි ජීවිතයේ දුෂ්කර කාලයක් ඇති බවයි. ඔවුන් අවට සිටින අයට පැවසිය නොහැකි දේවල් ගැන විවෘත කිරීමට, ඔවුන්ගේ අතීතය සමඟ සාමය ඇති කර ගැනීමට සහ අවට සිටින පුද්ගලයින්ගේ ජීවිතවලට අත්දැකීමක් ලබා දිමේ අරමුණින් අපට මෙම වැඩමුළු දිගටම පවත්වාගෙන යාමට අවශ්‍යයි. " යනුවෙන්ද සමුළුවේ ආරම්භක ක්‍රියාකරු වූ Isomura අදහස් දක්වමින් පැවැසීය. 

 

සමුළුවේ දෙවන සංවත්සරය නිමිත්තෙන් පසුගියදා පැවති වැඩමුළුවට ළමා අපයෝජනයෙන් දිවි ගලවා ගත් තිදෙනෙකු සහභාගී වී සිටි අතර ඔවුන් සිය අත්දැකීම එකිනෙකට වෙනස් අයුරින් රැස්ව සිටි පිරිස සමඟ බෙදා ගත් ආකාරය සහ අනෙකුත් තොරතුරු සියල්ලක්‌ම එහි Twitter ගිණුම වන @AbuseDialogue වෙත පිවිස ජපන් භාෂාවෙන් ඔබට දැකබලා ගත හැකි වේ .

115 Views

Comments