පසුගිය අඟහරුවාදා දින වෙබ් පරිශීලකයන් වෙත එවනු ලබන cookies ක්රමය වෙනුවට අලුත් සැලසුමක් හඳුන්වා දෙන ලදී. අන්තර්ජාලය පරිශීලනය කරන්නවුන්ට ඔවුන් පරිශීලනය කරන වෙබ් පිටු හරහා නිතරම කුකීස් එවීම සුලබ අත්දැකීමකි. කුකීස් මගින් මම පරිශීලකයන්ගේ පරිශීලක පුරුදු ග්රහණය කර ගන්නා අතරම ඒවා මගින් පරිශීලකයන්ගේ ඇතැම් දත්ත සූක්ෂමව ලබාගෙන ඒවා ලොව පුරා ඇති සමාගම් වලට බෙදා හැරීමේඅවදානම් සහගත ක්රියාව ද ඇතැම් විට සිදුවෙයි.
Cookie වැඩසටහන් වල මෙම ප්රතිපත්ති හේතුවෙන් ප්රංශ රජය විසින් ගූගල් සමාගමට ඩොලර් මිලියන 169ක දඩයක් ද පනවන ලදී. මේ වන විට ඇමරිකානු තාක්ෂණ යෝධයින් කුකී වෙනුවට නව සැලසුම් ඉදිරිපත් කිරීමේ යෝධ මෙහෙයුමක නිරත වී සිටී.