අධික වර්ෂාවෙන් ඉරානයේ අගනුවර නාය යයි.


අයහපත් කාලගුණය හේතුවෙන් ඉරානයේ ජන ජීවිතයට දැඩි බාධා පැමිණේ

.

වයඹදිග ටෙහෙරානයේ බ්‍රහස්පතින්දා ඇති වූ අධික වර්ෂාවත් සමඟ නාය යෑමෙන් 6 දෙනෙකු මිය ගොස් 14 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇතැයි ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

 

ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට යොදවා ඇති අතර, සිද්ධියෙන් පුද්ගලයින් 9 දෙනෙකු ද තුවාල ලබා ඇත. එමෙන්ම එම ප්‍රදේශයේ Imamzadeh Davood නම් ආගමික සිද්ධස්ථානයකට ද හානි සිදු වී ඇත.

 

නායයෑමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සොයා ගැනීමට සහන සේවකයින් වෙහෙසෙමින් සිටින බව හා එම ස්ථානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බව රාජ්‍ය IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇති අතර ඉරානයේ පළාත් 31න් 18ක්ම ගංවතුරින් පීඩාවට පත්ව ඇති බව IRNA තව දුරටත් පවසා ඇත.

110 Views

Comments