කඳු නගින්නන් දෙදෙනෙකු සොයා සිදුකල මෙහෙයුම


විදේශීය කඳු නගින්නන් දෙදෙනෙක් ටොකාචි කන්දේ අතරමං වී ඇත.

.

ඊයේ(22) දහවල් 12:40 පමණ  හොක්කයිඩෝ හි ටයිසෙට්සු කඳුවැටියේ ටොකාචි කන්දේ විදේශීය කඳු නගින්නන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් කන්දෙන් ආපසු පැමිණීමට නොහැකිව අතරමංව තිබේ.

මෙම පුද්ගලයින් තිදෙනා හොංකොං සිට පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු තනිවම කන්ද බැස අනෙක් දෙදෙනා අතුරුදන් වී ඇති බව කන්ද පහල පිරිසට පවසා ඇත.

පසුව එදිනම සවස 5 ට පමණ හොක්කයිඩෝ පොලිසියේ ගලවා ගැනීමේ කණ්ඩායක් අතුරුදන් දෙදෙනා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර කඳු බෑවුමේ පිහිටි නිරීක්ෂණාගාරයක් වන බූගකුඩායි අසලදී ඔවුන් දෙදෙනා සොයාගැනීමට හැකි විය.

ඉන් එක් අයෙක් සිහිසුන්ව සිට ඇති අතර අනෙකා හයිපෝතර්මියාවෙන් පෙළී ඇති බව වාර්තා වේ.

148 Views

Comments