ඉදිරි වසර පහක කාලය තුළදී සමස්ථ පුද්ගලයින් දහසක්, කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයට අදාළ තාක්ෂණික කේන්ද්‍රස්ථානයෙන් ව්‍යවසායකයින් හට හිමිවන වටිනා අත්දැකීම් ලබා ගැනීම සඳහා යොමු කරමින් රටේ ආරම්භක ව්‍යාපාර දිරිමත් කිරීමට ජපාන රජය සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍ය Koichi Haguuda එක්සත් ජනපදයේදී ප්‍රකාශ කළේය.
නවෝත්පාදන සහ මානව කුසලතා ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා වූ පස් අවුරුදු සැලැස්මේ කොටසක් ලෙස දැනට රට තුළ පවතින ආරම්භක සමාගම් සංඛ්‍යාව 10 ගුණයකින් වැඩි කිරීම ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව එළැඹෙන අපේ‍්‍රල් මාසයේ සිට සෑම මූල්‍ය වර්ෂයකදීම තෝරාගත් පුද්ගලයින් 200 දෙනෙකු ජපානයේ සිට දෙනෙකු සිලිකන් නිම්නය වෙත යැවීමට අපේක්ෂා කෙරේ .
තාක්ෂණික දැවැන්තයෙකු වන Google LLC හි මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් Haiguda පැවසුවේ "කැලිෆෝනියා සංචාරයේදී, අසාර්ථක වීමට බියක් නොමැති මානසිකත්වය පිලිබදව තමා බෙහෙවින් පැහැදුණු බවත් එය ජපානයට ඉගෙන ගත හැකි අලුත් පාඩමක් බවත්ය."
සිකුරාදා දින දෙරටේ විදේශ සහ කර්මාන්ත අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් Washington නගරයේදී පවත්වන ලද පළමු එක්සත් ජනපද-ජපාන "two-plus -two" ආර්ථික සංවාදයට සම්බන්ධ වීමට පෙර Hagiuda විසින් කැලිෆෝනියා සංචාරය සිදු කර ඇති අතර එහිදී ඔහු එරට පර්යේෂණ මධ්‍යස්ථාන වෙත ගොස් Stanford විශ්වවිද්‍යලයේ සිසුන් සමඟ පවා සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.