ජපාන රථවාහන නිශ්පාදනයේ මුසාවන්..


ජපාන රථවාහන එන්ජින් වල කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය මැන බැලෙන මූලික මිනුම් දණ්ඩ වන...

.

ජපාන රථවාහන එන්ජින් වල කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය මැන බැලෙන මූලික මිනුම් දණ්ඩ වන, වාහන දුම් පරීක්ෂාව හා සම්බන්ධ ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම් සම්බන්ධව ජපාන රථ වාහන නිෂ්පාදන කර්මාන්තය මේ වන විට විශාල වශයෙන් මුහුණ දෙමින් සිටී.

ආසන්නතම සිදුවීම වාර්තා වනුයේ ජපානයේ ප්‍රමුඛතම ට්‍රක්රථ සහ ලොරි රථ නිශ්පාදන සමාගමක් වන Hino සමාගම තුලින් වන අතර, වාහන දුම් පරීක්ෂාව උපකරණවල තාක්ෂණික යෙදවුම් සහ පද්ධති වෙනස් කිරීම මගින් එම වාහන දුම් වල ප්‍රතිශතයන් රජයේ අනුමත සීමාවන් තුළ බව ව්‍යාජ ලෙස පෙන්වීමට ඔවුන් ක්‍රියාකර තිබේ. තවද මෙලෙස අනුමැතිය ලබාගත් රථවාහන 115,000ක් පමණ පසුගිය මාස තුන තුලදී ඔවුන් නිෂ්පාදනය කර තිබේ. මෙම වංචා සහගත ක්‍රියාව ට අනුව, Hino ට්‍රක්රථ ඉතා දිගු සේවා කාලයකින් පසුව වුවද වාහන දුම් පිට කිරීමේදී අඩු කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයක් පෙන්වීම විශේෂත්වයකි. මෙවැනි වංචාකාරී ක්‍රියා ජපාන රථවාහන කර්මාන්තයේ හොඳ නම විනාශ කරන්නක් වන අතර, මින් පෙර මෙවැනි සිදුවීම් Mitsubhishi, Nissan සහ Subaru වැනි ප්‍රසිද්ධ රථවාහන නිෂ්පාදකයින් වෙතින් ද වාර්තා වී තිබීම නිසා, මෙම ගැටළුවට ඉක්මනින් විසදුමක් ලබා ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තක් බවට පත් වී තිබේ.

128 Views

Comments