පාසල් සිසුවියක සමග අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් SDF සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනේ


පාසල් සිසුවියක සමඟ අශෝබන ලෙස හැසිරුණු SDF සාමාජිකයෙකු අත්අඩංගුවට පත්වෙයි

.

පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනි දින 13 හැවිරිදි කනිෂ්ඨ උසස් පාසල් සිසුවියක සමඟ නොහොබිනා ක්‍රියාවක් සිදු කළ බවට සැකපිට  22 හැවිරිදි ජපන් භූමි ස්වයං ආරක්ෂක බලකායේ (JGSDF) Kita-Kumamoto කඳවුරේ ස්ථානගතව සිටින Kazuma Ikenari නම් සාමාජිකයෙකු Mie ප්‍රාන්ත පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ .

 

ඇය බාලවයස්කාර දැරියක් බව දැන දැනම හෝටලයක් වෙත ගෙන ගොස් ඇයව ලිංගික ක්‍රියා සදහා පොළඹවා ගැනීම මෙන්ම තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් ඒවා රූගත කිරීම යන වැරදි සම්බන්ධයෙන් Ikenari හට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. 

 

Ikenari සහ දැරිය සමාජ ජාලා වෙබ් අඩවියක් (SNS) ඔස්සේ එකිනෙකා දැන හඳුනා ගෙන පසුව හමුවීමට කටයුතු කර ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ මව පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශන මගින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලීසිය මෙහිදී සදහන් කළේය.

151 Views

Comments