වායුසමීකරණ යන්ත්‍රයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යයි


තම මව ඝාතනය කිරීමට තැත්කළ දියණියක් අත්අඩංගුවට පත්වේ

.

Sapporo ප්‍රාන්තයේ Kita Ward හි පිහිටි නිවසක සවි කර ඇති වායු සමීකරණ යන්ත්‍රය භාවිතා කිරීම සම්බන්ධයෙන් බදාදා රාත්‍රී 10.20ට පමණ දියණියක් සහ මවක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය මවට පිහියකින් පහර දී ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට අර්ධකාලීන රැකියාවක නිරත වන 18 හැවිරිදි දියණිය ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

වාර්තා වලට අනුව සැකකරු ඇයගේ දෙමාපියන්, වැඩිමහල් සහෝදරිය සහ වැඩිමහල් සහෝදරියගේ දරුවන් දෙදෙනා සමඟ එකම නිවසක වාසය කර ඇති අතර ප්‍රහාරයට පෙර 40 හැවිරිදි මව විසින් වායුසමීකරණ යන්ත්‍රයේ භාවිතය සම්බන්ධයෙන් සැකකරුට අවවාද කර ඇත. එහිදී ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති බවත් සැකකරු කුස්සියේ තිබූ පිහිය ගෙනැවිත් මවගේ හිස, බෙල්ල සහ වම් මැණික් කටුව කපා දැමූ බවත් විත්තිකාරියගේ වැඩිමහල් දියණිය පොලීසියට පවසා තිබේ .

 

මෙහිදී ප්‍රහාරයට ලක්වූ මව නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කර ඇති අතර ඇගේ තුවාල ජීවිතයට තර්ජනයක් වන තරමට බරපතල නොවන බව වෛද්‍යවරුන් සදහන් කර ඇත .

101 Views

Comments