විවෘත, නීති මත පදනම් වූ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමය ආරක්ෂා කිරීම සහ අර්ධ සන්නායක වැනි ප්‍රධාන තාක්ෂණික අමුද්‍රව්‍ය වල සැපයුම් දාමයේ පවතින දුර්වලතා ආමන්ත්‍රණය කිරීම සඳහා සහයෝගීතාවයෙන් යුක්තව කටයුතු කිරීමට එක්සත් ජනපදයේ සහ ජපානයේ ඉහළම විදේශ සහ ආර්ථික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිකුරාදා දින Newyork නගරයේ පැවති පළමු "two-plus-two" සමුළුවේදී දෙරටේ නායකයින් ප්‍රතිඥා දී තිබේ .
යුක්රේනයට එරෙහි රුසියානු යුද්ධය හේතුවෙන් ආහාර සහ බලශක්ති සැපයුම පිළිබඳව පැන නැගී ඇති ගෝලීය අර්බුදකාරී තත්ත්වය හමුවේ චීනය විසින් ඉන්දු පැසිෆික් කලාපය තුළ තම ආර්ථික බලය සහ යුධමය ශක්තිය වැඩිකරමින් සිටින මොහොතක, දෙරට අතර පවතින ආර්ථික සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීම රටවල් දෙකෙහිම සමස්ත ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කරුණක් බවට සමීප සගයන් දෙදෙනා අතර වැඩෙන දැනුවත්භාවය පිළිබඳ ගිවිසුම මගින් අවධාරනය කෙරේ.
සැපයුම් දාම ප්‍රත්‍යස්ථතාවය ශක්තිමත් කිරීම, ආර්ථිකමය බලපෑම් වලට එරෙහි වීම, තීරණාත්මක තාක්ෂණයන් සහ යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම මෙන්ම නීති රීති මත පදනම් වූ ආර්ථික පෙළගැස්ම හරහා සාමය සහ සමෘද්ධිය හඹා යාම යන ක්ෂේත්‍ර හතර කෙරෙහි සමුළුවේ අවධානය යොමු වූ අතර එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් විසින් සමුළුවේ අනෙකුත් සාමාජිකයන් වෙත ක්‍රියාකාරී සැලැස්මක් ද ඉදිරිපත් කරන ලදී.
"ජපාන-එක්සත් ජනපද සන්ධානය තවදුරටත් ගැඹුරු කිරීම සඳහා නව පිටුවක් හැරවීමට අපට හැකි වී තිබේ" යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken විසින් සම සත්කාරකත්වය දරන ලද සාකච්ඡා ආරම්භයේදී අදහස් දක්වමින් ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය Koichi Haguuda කියා සිටියේය .