සිය මහලු මවට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වෙයි Gifu ප්‍රාන්තයේ Ena හි පදිංචිව සිටි 77 හැවිරිදි කාන්


තම මවට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වෙයි

.

Gifu ප්‍රාන්තයේ Ena හි පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවකට බ්‍රහස්පතින්දා උදෑසන 7 ට පමණ අමානුෂික ලෙස පහර දුන් බවට සැකපිට රජයේ සේවකයෙකු වන 47 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

 

එදිනම පස්වරු 1 ට පමණ " තම පවුලේ සාමාජිකයෙකුට සිහිය නැති වී ඇති බව " පවසමින් පොලීසියට ලද ඇමතුමක් අනුව සිදුකළ විමර්ශනවලදී ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණය වූ බවත් සැකකරු විසින් කිහිපවරක් අදාළ කාන්තාවගේ මුහුණට අතින් ද, බඩට පයින් ද පහර දී ඇති අතර ඒ හේතුවෙන් තුවාල ලබා සිකුරාදා දින රෝහල් ගත කළ කාන්තාවට Subarachnoid රක්තපාත රෝගය ඇතුළු තවත් රෝග කීපයක්ම ඇති බැවින් ඇයගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය සඳහන් කළේය .

 

අත්අඩංගුවට පත්වූ මෙම සැකකාර පුත්‍රයා තමන් විසින් මවට පහර දුන් බවට පිළිගෙන ඇති නමුත් එලෙස පහර දීමට හේතුවූ චේතනාව සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ දක්වා පළ කර නොමැති බව පැවැසේ .

79 Views

Comments