දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා ජපානයේ සූරියකාන්ත මල් යාය


ජපානයේ සූරියකාන්ත මල් යායන් සංචාරකයන් ආකර්ෂණය කරගනී

.

Tokyo අගනුවරට උතුරින් පිහිටි Saitama ප්‍රාන්තයේ Hasuda නගරයේ අත්හැර දැමූ වගා බිම්වල ආවේණික භූ දර්ශනය සහ පසේ සාරවත් බව පවත්වා ගැනීම වෙනුවෙන්  සූරියකාන්ත පැළ වගා කිරීම ආරම්භ කර ඇති අතර දිනකට සූරියකාන්ත මල් 100,000ක් පමණ සුපිෂ්පිත වන එක යායක් තුළ ඇති මල් වලින් 800ක් පමණ සම්පූර්ණයෙන්ම පෙති විහිදා සූර්යාලෝකය දෙසට හැරී  මනස්කාන්ත දර්ශනයක් නිර්මාණය කරනු ලබයි. 

 

මෙම සූරියකාන්ත ක්ෂේත්‍රය පැය 24 පුරාවටම ලොකු කුඩා නරඹන්නන් සියලු දෙනා හට විවෘතව පවතින අතර ඇතුළුවීමට, වාහන නැවැත්වීමට සහ අවශ්‍ය වුවහොත් ඇඳුම් මාරු කර ගැනීමට නොමිලේ අවස්ථාව සලසා දී තිබේ . මෙනිසා එය බොහොමයක් පවුල් සහ සුරතල් සතුන් ඇති කරන පුද්ගලයින් අතර ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව ඇති අතර http://www.lotus-farm.sakura.ne.jp වෙබ් අඩවිය වෙත ජපන් භාෂාවෙන් පිවිසීමෙන් අගෝස්තු මැද භාගය දක්වා උච්චතම අයුරින් මල් පිපෙන මෙම සූරියකාන්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය වැඩි විස්තර ලබා ගත හැකි වේ. 

 

මීට වසර අටකට පෙර වර්ග මීටර් 1,000 ක් යොදාගනිමින් ආරම්භ කළ ක්ෂේත්‍රය වර්තමානය වනවිට වර්ග මීටර් 25,000 දක්වා ව්‍යාප්ත වී ඇති අතර වර්ග හතරකින් සමන්විත සූරියකාන්ත විශේෂ 100,000ක් පමණ මෙහිදී දක්නට ලැබේ.

 

"සොබාදහම ළමයින්ට සහ අනෙක් සියල්ලන්ටම අයත් වේ. එනිසා අපි මෙය නඩත්තු කර ඊළඟ පරම්පරාවට ලබා දීමට කැමතියි" යනුවෙන් සූරියකාන්ත ක්ෂේත්‍රය කළමනාකරණය කරන 78 හැවිරිදි Hideo Nomura මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

206 Views

Comments