ශ්‍රී ලාංකික තේ ජපානයේ ප්‍රවර්ධනය කෙරේ


තානාපති කාර්යාලය, ජපානයේ Teaphile සංඟමය හා එක්ව ශ්‍රී ලාංකේය තේ සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන?

.

2022 ජූලි මස 30 වනදා Teaphile Harmony සංගමය තානාපති කාර්යාලය හා එක්ව මෙයිජි අනුස්මරණය ශාලාවෙහි සංවිධානය කරන ලද ශ්‍රී ලාංකේය තේ ප්‍රවර්ධන සම්මන්ත්‍රණයට තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිතුමිය සහ පළමු ලේකම්තුමා (වාණිජ) සහභාගී විය. මෙම සම්මන්ත්‍රණය Teaphile Harmony සංඟමයේ නියෝජිත, අහාර පරිභෝජන සංස්කෘතිය පිළිබඳ පර්යේෂකයෙකු සහ සහතිකලත් තේ උපදේශකවරියක් වන රිඒ යමමොතෝ මහත්මිය විසින් මෙහෙයවන ලදී.

 

වැඩබලන තානාපති සේසත් තාඹුගල මහත්මිය උත්සව සභාව අමතමින් ලාංකේය තේ වල සුවිශේෂත්වය ඉස්මතු කළ අතර වසර 150කට අධික කාලයක් ශ්‍රී ලංකාව හා බැඳුනු තේ සංස්කෘතිය පිළිබඳව ද පැහැදිලි කළාය.

Haritha Internationals Pvt Ltd විසින් සහභාගිවන්නන් සඳහා රසවත් කිරි තේ කෝප්පයක් සාදා ගන්නා ආකාරය පෙන්වාදෙන ලදී.

 

සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීමට ද තානාපති කාර්ය මණ්ඩලය මෙය අවස්ථාවක් කර ගත් අතර සංචාරක ව්‍යාපාරය සහ අපනයන අවස්ථාවන් වැඩි කිරීම තුළින් රටේ ආර්ථික පුනර්ජීවනයට සහාය වීමට ද වැඩසටහනට සහභාගී වූ ජපන් ජාතිකයින්ට ආරාධනා කළේය.

 

 

 

118 Views

Comments