වසර 2019 ජුලි මස සිට දෙසැම්බර් මස දක්වා TikTok සමාගම විසින් සිය වීඩියෝ Twitter හරහා ප්‍රචලිත කරන්නන් විසි දෙනකුට මුදල් ලබාදී ඔවුන් උනන්දු කරවා ඇතැයි ජපාන TikTok පරිශීලකයෙකු විසින් අනාවරණය කර තිබේ. ඔහුට අනුව ප්‍රේක්ෂකයන් පෙර දැනුවත් කිරීමකින් තොරවම තෝරාගත් TikTok භාවිතා කරන්නන් 20 දෙනෙකුට මුදල් ත්‍යාග ලබා දී ඔවුන් පොළඹවා අදාල යෙදවුමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලෙස පොළඹවා තිබේ.
කෙසේ වෙතත් TikTok නිර්මාපකයන් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසා සිටින්නේ එය හුදෙක් අත්හදාබැලීමක් පමණක් බවත් පරිශීලකයන් භාවිතා කර සිය යෙදවුම ප්‍රචාරය කිරීමට උත්සාහ නොගත් බවත්ය.