නැගෙනහිර ජපානයේ Ibaraki ප්‍රාන්තයේ Oarai නගරයේ පිහිටා ඇති "Aqua World" මින්මැදුරේ සත්වෝද්‍යාන පාලකයෙකු වන 50 හැවිරිදි Shinsuke Saito විසින් 2005 සැප්තැම්බර් මාසයේදී මින්මැදුර අසල පිහිටි වරායකින් ප්‍රථම වරට අද්භූත ජෙලිෆිෂ් මත්ස්‍යයෙකු සොයා ගෙන ඇති අතර ඊට වසර 17කට පසු එනම් මේ වසරේදී සත්ත්වයා කලින් හදුනා නොගත් නව විශේෂයක් ලෙස තහවුරු කිරීමට හැකිව ඇති බවත් එම සත්ත්වයාගේ නිදර්ශකයක් අගෝස්තු 31 දක්වා Orai මින්මැදුරේ ප්‍රදර්ශනය සදහා තබා ඇති බවත් වාර්තා වේ .
විෂ්කම්භය මිලිමීටර් 6ක් පමණ වන මෙම සත්ත්වයා "Urashimea globosa" නම් විශේෂයට අයත් වන්නෙකු ලෙස දිස්වූ නමුත් ඔවුන්ගේ පූර්වජයාගේ පවතින ග්රාහිකා අට වෙනුවට අලුතින් සොයාගත් සත්ත්වයාගේ ග්රාහිකා හතරක් පමණක් දැකිය හැකි විය. එනිසා මෙම සත්ත්වයා නව විශේෂයකට අයත් විය හැකි බවට උපකල්පනය කළ Saito ඒ පිළිබඳව දැනුමක් සහිත පර්යේෂකයෙකුගෙන් විමසා ඇති අතර එය "විකෘතියක්" වීමට වැඩි ඉඩකඩක් පවතින බව ඔහු ප්‍රකාශ කර ඇත .
පසුකාලීනව 2015 වසරේදී පවත්වනු ලැබූ පර්යේෂකයන්ගේ රැස්වීමක් අතරතුරදී එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වූ Gaku Yamamoto විසින් නැඟෙනහිර ජපානයේ Kanagawa ප්‍රාන්තයේදී තමන් අල්ලා ගත් එම අත්භූත සත්වයාගේම තවත් නිදර්ශකයක පින්තූරයක් පෙන්වමින් ඒ පිළිබඳව තොරතුරු ඉල්ලා සිට ඇති අතර එහිදී පුදුමයට පත්ව Saito ඔහු සමඟ සිදුකළ කතාබහෙන් අනතුරුව එය නව විශේෂයක් විය හැකි බවට තබා තිබූ විශ්වාසය තවදුරටත් ශක්තිමත් වීම සිදුවිය .
මෙහිදී විවිධ ස්ථාන තුනකින් අල්ලා ගන්නා ලද ජෙලිෆිෂ් සතුන්ගේ DNA විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එය නව විශේෂයක් බවට තහවුරු කර "Octorhopalona saltatrix" යන විද්‍යාත්මක නාමය සහ "Otohime-kurage" යන ජපන් නාමය ලබා දී ඇති අතර මෙම ජෙලිෆිෂ්
මත්ස්‍යයාගේ නව සොයාගැනීම පිළිබඳ තොරතුරු පසුගිය ජූනි මාසයේදී Swiss academic journal Animals හි පළ කෙරිණි.