එක්සත් ජනපදය ප්‍රමුඛ IPEF ආර්ථික රාමුව දියත් කෙරේ


එක්සත් ජනපදය හා ජපානය අතර වෙළඳ ගනුදෙනු තීව්‍ර වෙයි

.

මැයි 23 වන සඳුදා දින එක්සත් ජනපද ජනාධිපති Joe Biden විසින් දියත් කරන ලද ඉන්දු-පැසිෆික් ආර්ථික මුලපිරීම ජපානය ඇතුළු රටවල් දුසිමක් පිළිගත් අතර ජපාන ව්‍යාපාරික නායකයින් රාශියක් එයට එකතු විය.

 

"මෙලෙස දියත් කරන ලද ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව නොහොත් IPEF, ප්‍රධාන කලාපීය නිදහස් වෙළඳ ගිවිසුමක් වන Trans-Pacific හවුල්කාරිත්වය වෙත 2017 දී ඉවත්ව ගිය වොෂින්ටනය නැවත පැමිණීමේ පියවරක් විය හැකි බව "ජපානයේ විශාලතම ව්‍යාපාරික ලොබිය වන Keidanren හි සභාපති වූ Masakazu Tokura මාධ්‍ය හමුවකදී පැවැසීය . 

 

ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව මගින් චීනය සිය බලය පුළුල් කරනු ලබන කලාපය තුළ වෙළඳාම, සැපයුම් දාම, පිරිසිදු බලශක්තිය සහ යටිතල පහසුකම්, බදු සහ දූෂණ විරෝධීතාවය යන කොටස් හතර කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත වේ .

Comments