ජපානයේ සහ චීනයේ විදේශ අමාත්‍යවරුන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වේ


ජපානය හා චීනය අතර සබඳතා වර්ධනය කර ගැනීමට පියවර ගැනේ

.

එළැඹෙන බ්‍රහස්පතින්දා දින කාම්බෝජයේ පැවැත්වීමට නියමිත අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සාකච්ඡා මාලාවට සමගාමීව ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ ඔහුගේ චීන සහකරු වන Wang Yi අතර පුද්ගලික ද්වී පාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 

 

මෙහිදී Tokyo විසින් පාලනය කරනු ලබන සහ Beijing විසින් හිමිකම් කියනු ලබන Sankaku දූපත අවට ජපන් මුහුදු කලාපය චීන වෙරළාරක්ෂක නෞකා විසින් නැවත නැවතත් ආක්‍රමණය කිරීම මෙන්ම ඒ අවට මුහුදු සීමාව තුළ චීනයේ තීව්‍ර වන යුධමය ක්‍රියාකාරකම් පිළිබඳව ද ජපානයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා සිය අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

රුසියාව සහ චීනය අතර පවතින සබඳතා හේතුවෙන් එරට රජය Moscow හෙළා දැකීමෙන් වැළකී සිටින බැවින් මෙම සාකච්ඡාවේදී Hayashi විසින් රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නැවත වරක් හෙලා දකිනු ඇති බවත් ඊට එරෙහි වගකිවයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස චීනයෙන් ඉල්ලා සිටිනු ඇති බවත් ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය .

110 Views

Comments