රෝහල් ආශ්‍රිත COVID-19 පියවරයන් වෙනස් කිරීමට පියවර ගත් ජපානය


රටපුරා කොරෝනා ව්‍යාප්ත වීම පාලනය කිරීමට ජපානය පියවර ගනී

.

රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරසයේ Omicron BA. 5 ප්‍රභේදය යටතේ දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාමත් සමග රෝහල්වලට දැනෙන පීඩනය අඩු කර ගැනීමේ උත්සාහයක් වශයෙන් ආසාදන සංඛ්‍යා එකතු කිරීමේ විභව වෙනසක් ඇතුළුව මීට පෙර ගනු ලැබූ COVID-19 පියවරයන් වෙනස් කිරීමට ජපානය සලකා බලමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සෙනසුරාදා පැවසීය.

 

වර්තමානය වනවිට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව රජයට වාර්තා කිරීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන මෙන්ම මහජන සෞඛ්‍ය මධ්‍යස්ථාන අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන නමුත් ක්‍රියාත්මක කිරීමට නියමිත නවතම සංශෝධනය මගින් රට පුරා විසිර ඇති නම් කරන ලද ආයතන කීපයකට පමණක් නව ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කිරීම සීමා කළ හැකි බව එහි සඳහන් වේ .

 

සෑම රෝහලක් තුළම වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස රජය විසින් COVID-19 රෝගීන් පිළිගැනීම සඳහා තෝරාගත් රෝහල් කීපයක් නම් කර ඇති අතර, උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ එවැනි නම් කළ රෝහල්වල ඇතිව තිබෙන ආතතිය අවම කිරීම සඳහා තවත් සාමාන්‍ය වෛද්‍ය ආයතන කීපයක් එක් කිරීමට නියමිතව තිබේ .

100 Views

Comments