මේ වසරේ ජපානයේ ගිම්හානය වෙනදාට වඩා බොහෝ කලින් පැමිණ ඇත. වසන්තය සහ ගිම්හානය අතර සංක්‍රමණය සනිටුහන් කරන වැසි සමය හදිසියේම අවසන් වූ අතර පෙර නොවූ විරූ තාප තරංගයක් මේ වන විට ඇති වී ඇත .
ටෝකියෝ ප්‍රදේශයේ තෙත් සමය වෙනදාට වඩා දින 22කට පෙර අවසන් වූ අතර 1951 වසරේ වාර්තා ආරම්භ වූ දා සිට මෙවන් තත්ත්වයක් ඇති වූ මුල්ම කාලය මෙය වෙයි.
මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ, වෙන කවරදාකටත් වඩා උෂ්ණත්වය සෙල්සියස් අංශක 35කට ළඟා වූ අතර දින නවයක් ඒ ආකාරයෙන්ම පැවති අතර මෙය වාර්තා වූ දීර්ඝතම උෂ්ණ කාලයයි