ජපානයේ අගනුවරින් අද දිනය තුළ නව COVID-19 ආසාදිතයින් 21,958 දෙනෙකු සහ තහවුරු කරන ලද මරණ තුනක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
Omicron BA.5 උප ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය සමඟ රට මේ වනවිට COVID-19 වෛරසයේ හත්වන රැල්ල සමඟ සටන් කරමින් සිටින අතර අඛණ්ඩව 13 වන දිනටත් නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙලෙසින් 20,000 සීමාව ඉක්මවා යාම සිදුවිය.
මේ හේතුවෙන් Corona ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සදහා වෙන් කර තිබෙන රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් පවතින අතර වෛද්‍ය කාර්යමණ්ඩල මත පැටවෙන පීඩනය අවම කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය Fumio Kishida ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව විසින් සැලකිය යුතු ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබේ.