ජපාන වෙළෙඳ සල්වල දක්නට ඇති නවතම ආහාර නිෂ්පාදනය


ජපාන වෙළෙඳ සැල්වල නව ආරක බීමක් දක්නට ලැබේ

.

සෑම මාස කිහිපයකට වරක්, ජපන් ආහාර ගබඩාවල ශීත කළ පාන අංශයේ ඇතැම් ආහාර ද්‍රව්‍යවල "පානය කළ හැකි" අනුවාද දැකීමට ජපන් ජාතිකයන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයින්ටද හැකියාව ලැබේ . දැනටමත් පානය කළ හැකි අයිස්ක්‍රීම් සහ පානය කළ හැකි ග්‍රිල් කළ බතල පවා ජපාන සුපිරි වෙළඳසැල් වල මෙන්ම සහන සැල්වල ද දැක ගත හැක.

 

රසකැවිලි සහ කිරි නිෂ්පාදන නිෂ්පාදක Morinaga Milk Industry සහ Iwashita Foods අතර නව සහයෝගීතාවයක් ඇති කරමින් එම සමාගම් දෙකේ සහයෝගයෙන්  "Iwashita's Fresh Ginger" හි පානය කළ හැකි නවතම ආහාර නිෂ්පාදනයක් වෙළඳපොලට හඳුන්වා දී තිබේ.

 

මෙම පානය "Iwashita Fresh Ginger" හි ප්‍රබෝධමත් රසය මගින් ආභාෂය ලබා ඇති අතර, ඇපල් යුෂ එකතු කිරීමත් සමඟ එය දියර ඉඟුරු වලට වඩා ටිකක් රසවත් බවක් ගෙන ඇත .කෙසේ වෙතත්, පානයෙහි ඇත්ත වශයෙන්ම නැවුම් ඉඟුරු සෑදීමට භාවිතා කරන  දියර ද අඩංගු වන බැවින් මෙය ඉඟුරු රස කළ යුෂ වලට වඩා වැඩි දෙයක් බව පෙනේ.

 

Iwashita Fresh Ginger Pink Ginger Apple නමින් හැඳින්වෙන මෙම නව පානය දැනට ජපානයේ තෝරාගත් වෙළඳසැල්වලින් ලබාගත හැකිය. 

122 Views

Comments