විදේශ අමාත්‍යවරයාගේ මධ්‍යම ආසියානු සංචාරය


විදේශ ඇමති මධ්‍යම ආසියාවේ සංචාරය කරයි

.

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණශීලීත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා සහයෝගීතාවය අපේක්ෂා කරමින් විදේශ අමාත්‍ය Yoshimasa Hayashi  මොංගෝලියාවට, පැසිෆික් දූපත් රටවල් දෙකකට මෙන්ම මධ්‍යම ආසියානු රටවල් දෙකකට සංචාරය කිරීමට නියමිත බව ජපාන රජය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.  

 

Hayashi විසින් සඳුදා සිට දින පහක පලමු සංචාරයේදී කසකස්තානය, උස්බෙකිස්තානය සහ මොංගෝලියාව වෙත ගමන් කිරීමට අපේක්ෂා කරයි. කසකස්තානය සහ උස්බෙකිස්තානය රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙක සමගම සමීප සබඳතා පවත්වන නිසාවෙන් රටවල් දෙකේම නායකයින් සමග සාකච්ඡා පැවැත්වීම මෙන්ම මොංගෝලියාවේදි, උතුරු කොරියාව විසින් ජපන් ජාතිකයින් පැහැරගෙන යාම නිසා ඇතිවූ ගැටළුව විසඳීම මෙම සංචාරයේ අරමුණ වේ. 

 

ජපානය "නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක්" ප්‍රවර්ධනය කරමින් සිටින බැවින් කලාපය තුළ චීනයේ වර්ධනය වන මිලිටරි හා ආර්ථික බලයට පුළුල් ලෙස ප්‍රතිවිරෝධයක් දැක්වීම සඳහා සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් Hayashi මැයි 6  සිට දින තුනක කාලයක් Fiji සහ Palau වෙත  සංචාරයක නිරත වීමට නියමිතය

120 Views

Comments