පහළ නොයන ජපානයේ අධි උෂ්ණත්ව මට්ටම


ජපානය උෂ්ණත්වය දිගින් දිගටම අහිතකර ලෙස ඉහළ යයි

.

බටහිරින් Kinki ප්‍රදේශයේ සිට උතුරින් පිහිටි Hokkaido ප්‍රදේශය දක්වා වූ දූපත් සමූහයේ පුළුල් ප්‍රදේශයක් මෑත කාලීනව ඇතිවූ අධි පීඩන පද්ධතියකට ආවරණය වීමත් සමඟ පසුගිය ජූලි 31 දින සිට ජපානය පුරා සෑම ප්‍රදේශයකම පාහේ සාමන්‍ය උෂ්ණත්ව මට්ටම අතිශයින් ඉහළ ගිය අතර දිවයින පුරා පිහිටි නිරීක්ෂණ මධ්‍යස්ථාන 914 න් 725 ක‍ සෙල්සියස් අංශක 30 හෝ ඊට වැඩි උපරිම උෂ්ණත්ව අගයක් සටහන් වූ බව වාර්තා වේ . 

 

එමෙන්ම Tokyo නගරය අවට පිහිටි Kanto ප්‍රදේශය තුළ අගෝස්තු 2 වැනිදා දක්වා දැඩි උණුසුමක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින් "අතිශයින්ම උණුසුම් දිනයක්" ලෙස සලකා ක්ෂණික තාප ආඝාත තත්වයන් වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

නැගෙනහිර ජපානයේ Gunma ප්‍රාන්තයේ Isesaki නගරයේ උෂ්ණත්වය 38.6 C ලෙස , Saitama ප්‍රාන්තයේ Kumagaya නගරයේ උෂ්ණත්වය 38.4 C ලෙස , Ibaraki ප්‍රාන්තයේ Daigo නගරයේ උෂ්ණත්වය 38.2 C ලෙස, තදාසන්න Tokyo නගරයේ උෂ්ණත්වය 38.1 C ලෙස මෙන්ම Chiyoda හි උෂ්ණත්වය 35.0 C ලෙස ඉහළ ගිය අතර පසුගිය ජූලි 3 දිනෙන් පසුව පළමු වරට අතිශය උණුසුම් දින කීපයක් මෙලෙස ජපානය තුළ ආරම්භ වීම සිදුවිය.

118 Views

Comments