මාරාන්තික ලෙස රිය පැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


මරාන්තික ලෙස රිය පැද වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනේ

.

පසුගිය සෙනසුරාදා දින රාත්‍රී 10.40 ට පමණ Niigata ප්‍රදේශයේ පාර මාරු වන ස්ථානයකදී අනතුරුදායක ලෙස ධාවනය වූ රියක ගැටී Yoshihisa Kumagaya නම් 20 හැවිරිදි තරුණයකු මරණයට පත්විම සම්බන්ධයෙන් සැකපිට රථයේ රියදුරු ලෙස හඳුනාගත් සමාගමේ සේවකයකු වන 51 හැවිරිදි Akira Sasaki නම් පුද්ගලයෙකු Niigata පොලීසිය විසින් සඳුදා දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

අනතුරට ලක්වූ Kumagaya වහාම රෝහල් ගත කළ නමුත් හිසට සිදුව තිබූ බරපතල තුවාල හේතුවෙන් රාත්‍රී 11.30 ට පමණ ඔහු මිය ගොස් ඇත. කෙසේ නමුත් අත්අඩංගුවට පත්වූ සැකකරු විසින් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළ බවත් කිසිවෙකු තම මෝටර් රථයේ ගැටුණු බවට තමන්ට මතකයක් නොමැති බව ඔහු ප්‍රකාශ කළ බවත් පොලීසිය සදහන් කළේය .

 

අනතුර සිදුවූ අවස්ථාවේ වීදි නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීම මගින් සැකකරුගේ මෝටර් රථය හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබූ අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශන මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ .

98 Views

Comments