corona සහන ලබා ගැනීමට තර්ජනය කළ කැරොකෙ අවන්හල් කරුවකු අත්අඩංගුවට


Osaka ප්‍රාන්තයේ Toyonaka නගරයේ කැරොකෙ අවන්හලක් පවත්වාගෙන පුද්ගලයකු  corona සහන ලබාගැනීමට  එම මූල්‍ය ආයතන සඳහා  තර්ජනාත්?

.

Osaka ප්‍රාන්තයේ Toyonaka නගරයේ කැරොකෙ අවන්හලක් පවත්වාගෙන පුද්ගලයකු  corona සහන ලබාගැනීමට  එම මූල්‍ය ආයතන සඳහා  තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දීම සම්බන්ධයෙන්  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වයස අවුරුදු පනස් තුනක් පමණ වන් Masanobu Yamada නම් මෙම පුද්ගලයා පසුගිය ජනවාරි 26 හා 27 යන දෙදින කොරෝනා මූල්‍ය සහන ලබාදෙන ආයතනය අමතා ඔහුට එම සහන ලැබුනේ නම් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කරන බවට   තර්ජනය  කර ඇත. ඔහු  මූලික පාසල් වල දරුවන්  වඩාත් ඉලක්ක කරන බවත්  ඔවුන් ද ඇතුළු ව සමූල ඝාතනයක් කිරීමට සිතා සිටින බවත්  තව දුරටත් ඔහුගේ තර්ජනයේ දී පවසා තිබේ .

 

ඔහුගේ සියදිවි නසා ගැනීමේ දී  එයට හේතුව ලෙස ඔහුගේ අවන්හලට corona සහනාධාර  ලබා දීමේ ඉල්ලුම් පත්‍රය සලකා බැලීම  ප්‍රමාද කිරීම ලියා තබන්නට ඔහු සූදානම් බවද තවදුරටත් ඔහු පවසා තිබේ .

 

කෙසේ වෙතත් ඔහු ලබාදුන්  දුරකතන ඇමතුම් හරහා යමින් පොලිසියට එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

295 Views

Comments


Hasantha Rathnayake 3 years ago

Omg

 
  • Like
  • Love
  • HaHa
  • WoW
  • Sad
  • Angry