තම මූලස්ථානය ප්‍රතිස්ථාපනය කිරීමට පියවර ගත් ජපාන රක්‍ෂණ දැවැන්තයා


Tokio Marine Holdings තම මූලස්ථානය නැවත සකස් කරයි

.

සමාගමේ දැනට පවතින ප්‍රධාන කාර්යාලය වෙනුවට දැව වලින් සාදන ලද අති විශාල උස් ගොඩනැගිල්ලක් ප්‍රතිස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව ජපානයේ රක්ෂණ දැවැන්තයා වන Tokio Marine Holdings Inc. සඳුදා නිවේදනය කළේය. 

 

එළැඹෙන 2028 මූල්‍ය වර්ෂය තුළ, දැව භාවිතා කරන ලොව විශාලතම ව්‍යුහය බවට පත්වෙමින් සමාගමේ සහ එහි අනුබද්ධිත Tokio Marine Nichido Fire Insurance Co. හි නව මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇති අතර 2024 දෙසැම්බර් මාසයේ සිට මධ්‍යම Tokyo නගරය තුළ ඉදිවන මෙම ගොඩනැගිල්ල උසින් මීටර් 100 ක් පමණ වේ. 

 

මෙහි කුළුණු, බිම් මහල සදහා මෙන්ම ඉහළම මහලේ ඇති උද්‍යානය වැනි ගොඩනැගිල්ලේ අනෙකුත් කොටස් සදහා ගෘහස්ථව ලබා ගන්නා දැව ඇතුළත් කිරීමට නියමිතව ඇති අතර දේශීය දැව කර්මාන්තයට සහයෝගය දැක්වීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණක් බව සමාගම මෙහිදී ප්‍රකාශ කළේය . 

 

“මේ මොහෝතේ අවධානය යොමු වී ඇත්තේ නගර අභ්‍යන්තර ගොඩනැගිලි කෙරෙහි ය, නමුත් අපි බලාපොරොත්තු වන්නේ දැවමය උස් ගොඩනැගිලි ඉදිකිරීමට තෝරා ගැනීමේ වැදගත්කම සහ කුසලතාවය ඉස්මතු කිරීමටයි” යනුවෙන් අමාත්‍යාංශ නිලධාරියෙකු මෙහිදී නව සැලැස්ම ඉදිරිපත් කරමින් පැවසීය.

117 Views

Comments