පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජපානයට


උද්දික ප්‍රේමරත්න ජපානයේ ජපානයේ සංචාරයක නියැලේ

.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා 2022 ජූලි 31 සිට අගෝස්තු 11 දක්වා ජපානයේ සංචාරයක නිරත වේ. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමරත්න මහතා ජපානයේ රැඳී සිටින කාලය අතරතුර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, විදේශ රැකියා සහ ප්‍රාථමික අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සහ සහයෝගීතා ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට, ජපන් රජයේ ප්‍රධාන බලධරයින් කිහිප දෙනෙකුම හමුවීමට නියමිතය.

 

2022 අගෝස්තු 1 වන දින ප්‍රේමරත්න මහතා, ජපානයේ ගරු පරිසර අමාත්‍ය ට්සුයෝෂි යමගුචි මහතා හමුවී, ජපානය සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තේය. තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීම පිණිස, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කර්මාන්ත ගොඩනැගීමට සහ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය පුනර්ජනනීය බලශක්තිය බවට පරිවර්තනය කල හැකි විවිධ තාක්ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වාදීමටත් ජපානයට ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපනයනය ඉලක්ක කරගත් පොහොර නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව ද පැහැදිලි කළ මන්ත්‍රීතුමා මේ අංශයේ ආයෝජන සලකා බලන ලෙසත් ජපානයට විවෘත ආරාධනාවක් කළේය.

 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමරත්න මහතා, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි සාමාජික, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙහි විදේශ කටයුතු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, සංචාරක ජාතීන් පිළිබඳ අධ්‍යයන කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති, හිටපු පාර්ලිමේන්තු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සතෝෂි ෆුජිමරු මහතා ද හමු විය. ප්‍රේමරත්න මන්ත්‍රීතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පාසල් අධ්‍යාපනය, ඉගැන්වීමේ ක්‍රමවේද සහ පහසුකම් ජපානයේ පෙර පාසල් අධ්‍යාපන පද්ධතියට සමානුරූපී තලයකට ගෙන ඒමට සහය ලබා ගැනීම පිළිබඳව ද සාකච්චා කලේය. මෙම හමුවීම් සංවිධානය කිරීමට සහය වූ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ ප්‍රාදේශීය පුනර්ජීවන කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය, කොසො යමමොතෝ මහතා ද ප්‍රේමරත්න මහතා හමු විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමරත්න මහතා සමග තානාපති කාර්යාලය නියෝජනය කරමින් වැඩ බලන තානාපති සේසත් තාඹුගල මහත්මිය ද රැස්වීම සඳහා සහභාගී විය.

 

ජපානයේ ශ්‍රී ලංකා සංගම් හයක නියෝජිතයන් හමුවීම සඳහා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද සුහද හමුවකට ද 2022 අගෝස්තු 01 වැනිදා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහභාගී විය.

 

ගරු ප්‍රේමරත්න මහතා 2022 අගෝස්තු 10 වැනි දින ජපානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට ද අපේක්ෂා කෙරේ. ජපානයේ ෆුකුඕකා ප්‍රාන්තයේ කිතකියුෂු නගරයේ සංචාරය අතරතුර ප්‍රේමරත්න මහතා ප්‍රාදේශීය නගරාධිපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු හමුවීමට සහ හිරෝෂිමා නගරයට පැමිණීමට නියමිතය.

 

 

109 Views

Comments