ට්‍රක් රථ තුළ මොළය පරීක්ෂා කිරීමේ ස්කෑන් යන්ත්‍ර ස්ථාපනය කළ ජපාන නගරය


ජංගම MRI Scanner යන්ත්‍ර ස්තාපනය කල ට්‍රක් රථ නිපදවේ

.

Tokyo අගනුවර දකුණු Kanagawa ප්‍රාන්තයේ වාසය කරන සිල්ලර පෙට්‍රල් වෙළෙන්දන් දෙදෙනෙකු සහ වෛද්‍ය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් එක්ව, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ ට්‍රක් රථ රියදුරන් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් දිරිමත් කිරීම වෙනුවෙන් ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වල, පහසුකම් සහිත විශේෂ වාහනයක් තුළ මොළය පරීක්ෂා කිරීමේ MRI ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර එය පැරණි ක්‍රමයට සාපේක්ෂව වේගවත් හා ලාභදායී බව පෙන්වා දී තිබේ.   

 

Idemitsu Kosan සමාගම, Higashinihon Usami K.K. සහ වෛද්‍ය ව්‍යාපාර සමාගමක් වන SmartScan යන ආයතන මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරන අතර මෙම MRI ස්කෑන් සේවාව එළැඹෙන අගෝස්තු 14 දක්වා Sagamihara's Chuo Ward හි ඉන්ධන පිරවුම්හල තුළදීත් අගෝස්තු 17 සිට 31 දක්වා යන දිනයන්හිදී Kawasaki නගරයේදීත් සිදු කරනු ලැබේ. මෙලෙස මොළය පරීක්ෂා කිරීමේ සේවාවන් ට්‍රක් රථ වැනි විශාල වාහන භාවිතා කළ හැකි ජපානයේ ඉන්ධන පිරවුම්හල් තුලින් ලබා දෙන පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ. 

 

මෙහිදී MRI ස්කෑන් යන්ත්‍ර පහසුකම් නොමැති ප්‍රදේශවල ජනතාවට මෙන්ම අනෙකුත් සියලු ජනතාවට, සාම්ප්‍රදායික පිරිවැයෙන් අඩක් පමණ වන පරිදි එනම් යෙන් 22,000 මුදලකට මොළයේ පරීක්ෂාව සිදු කර ගත හැකි වන අතර නැගෙනහිර ජපානයේ ඉන්ධන පිරවුම්හල් 240ක් පමණ පවත්වාගෙන යන Higashinihon Usami සමාගම ද මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳ ගැනීම සිදු විය.

 

පරීක්ෂාව සඳහා වෙන් කිරීම් SmartScan හි https://smartdock.jp වෙබ් අඩවිය හරහා ජපන් භාෂාවෙන් සිදු කළ හැකි අතර Idemitsu Kosan හි ඩිජිටල් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Masatoshi Takeda මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ "මෙය දේශීය ප්‍රජාවන්ට සහ රියදුරන්ට වටිනාකමක් ලබා දිය හැකි අග්‍රගණ්‍ය ආකෘතියක්" යනුවෙනි.

Comments