බටහිර ජපානයේ Hyogo ප්‍රාන්ත නගරයේ පිහිටා ඇති Honda Reizo සමාගමට අයත් Taishi කම්හල තුළදී මේ වනවිට ජපානයට බලපා ඇති අධික ගිම්හාන උෂ්ණත්වයට ප්‍රතිරෝධී භාවයක් දැක්වීමේ අරමුණින් සාමන්‍ය දෛනික අයිස් කුට්ටි නිෂ්පාදනයේ සම්පූර්ණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස නිපදවෙන අයිස් කුට්ටි නැව්ගත කිරීම සඳහා ගබඩා කරන අතර පසුව තලා දැමූ අයිස් බවට පරිවර්තනය කර අයිස් කෝපි පිළියෙල කිරීම වැනි විවිධ අවස්ථා සදහා යොදාගනු ලැබේ. මෙහිදී පොළව යට සිට මීටර් 100 පමණ ගැඹුරකින් ඉහළට පොම්ප කෙරෙන ස්වභාවික ජලය සෙමෙන් කැටි කිරීම සඳහා සාමාන්‍යයෙන් පැය 24ක කාලයක් ගත වන අතර ක්රියාදාමයේ අවසාන පියවර වශයෙන් ඉතා පැහැදිලි අයිස් කුට්ටි ඇතිවේ.
මෙහිදී අයිස් නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් 74 හැවිරිදි ජනාධිපති Akiyoshi Honda කියා සිටියේ "වැසි සමයේ මුල් අවසානයෙන් පසුව උණුසුම් දින අඛණ්ඩව පවතින බැවින්, සීතල අයිස්වලින් තාපය පරාජය කිරීමට මිනිසුන්ට අවශ්‍යයි " යනුවෙනි.