තාක්‍ෂණය වැඩි දියුණු කිරීම සඳහා අති විශාල ආරක්ෂක අයවැයක් අපේක්ෂා කරන ජපානය


තාක්ෂණය වැඩිදියුණු කිරීමට වැඩි පිරිවැයක් යෙදවීමට ජපන් රජය අපේක්ෂා කරයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය, න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට ප්‍රකාශ කරමින් රටවලින් එල්ල වන විවිධ තර්ජන සහ චීනයේ ඒකාධිපති නැග්ම යන කරුණු හේතුවෙන් ගෝලීය සහ සයිබර් අභ්‍යවකාශයේ මෙන්ම සාම්ප්‍රදායික ගොඩබිම , මුහුද සහ අහස යන ක්ෂේත්‍රවල මෙහෙයුම් හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා 2023 මූල්‍ය වර්ෂයේදී ජපාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් යෙන් ට්‍රිලියන 5.5 ක වාර්තාගත අයවැයක් අපේක්ෂා කරනු ඇති බව රජයේ මූලාශ්‍රයක් බදාදා ප්‍රකාශ කළේය. 

 

මෙහිදී අමාත්‍යාංශය කියා සිටියේ "ඉදිරි වසර පහ තුළ රටේ ස්ථාවර ආරක්ෂක හැකියාවන් මෙන්ම ඩ්‍රෝන යානා වැනි මිනිසුන් රහිත පද්ධති යොදාගනිමින් සිදු කරනු ලබන මෙහෙයුම් සංඛ්‍යාව වැඩි දියුණු කිරීම මෙම ක්‍රියාමාර්ගයේ මීළග අපේක්ෂාව වන අතර 

එවැනි හැකියාවන් සතුරාගේ වෙඩි තැබීමේ සීමාවෙන් පිටත සිට එල්ල කරන ප්‍රතිප්‍රහාර බලවේගයන් සදහා මහඟු ලෙස උපකාරී වන බවයි. "

 

2022 වසරේ අවසානය වන විට යාවත්කාලීන කිරීමට සැලසුම් කර ඇති ජාතික ආරක්ෂක උපාය මාර්ගය ඇතුළුව ආරක්ෂාවට අදාළ ලේඛන තුනක් සමාලෝචනය කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව නව ආරක්ෂක උපාය මාර්ගයේ තවමත් නිශ්චිතව දක්වා නොමැති සමහර ද්‍රව්‍යවල පිරිවැය මිල ගණන් ඉහළ යනු ඇති බව පැවැසේ.

Comments