44 හැවිරිදි වෙද්‍යවරයෙකු වෙඩිප්‍රහාරයකින් මරුට


Saitama ප්‍රාන්තයේ Fujimino හිදී පුද්ගලයෙකුගේ වෙඩි ප්‍රහාරයකින් වෙද්‍යවරයෙකු මරනයට පත්වී ඇති අතර තවත් සෞඛ්‍ය

.

Saitama ප්‍රාන්තයේ Fujimino හිදී පුද්ගලයෙකුගේ වෙඩි ප්‍රහාරයකින් වෙද්‍යවරයෙකු මරනයට පත්වී ඇති අතර තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

 

Hiroshi Watanabe  නම් වූ මෙම 66 හැවිරිදි පුද්ගලයා  මම සෞඛ්‍ය සේවකයන්ට මෙලෙස පහර දී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී ඔවුන් මම සැකකාර  පුද්ගලයාගේ මවගේ මරණය සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ කිරීමට ඔහුගේ නිවෙසට පැමිණි අවස්ථාවේදීය. එම සෞඛ්‍ය සේවකයින් තිදෙනා ඔහුගේ වයස්ගත මවට නිවස තුළ සෞඛ්‍ය ප්‍රතිකාර ලබාදුන් පුද්ගලයන් බව තහවුරු වී ඇත .ඔහු  ඔවුන් අතර සිටි භෞත චිකිත්සක වරයාට වෙඩි තබා ඇති අතර  වෛද්‍යවරයා සහ අනෙක් සෞඛ්‍ය සේවකයා ප්‍රාණ ඇපකරුවන්   ලෙස තබාගෙන ඇත. 

 

පැය 11ක් පමණ පුරා පැවැති මෙම ගැටුම පිළිබඳව අසල්වැසියෙක් පොලීසියට දැනුම් දීමෙන් පසු  ඔවුන් එතැනට ලඟා වී ඇති අතර  වෛද්‍යවරයා මියගොස්  සිට ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ චිකිත්සකවරයා සහ කඳුළුගෑස් ප්‍රහාරයකට ලක්වූ අනෙක් සෞඛ්‍ය සේවකයා රෝහල් ගත  කර ඇත.

 

අදාළ සැකකාර පුද්ගලයා හා සිකුරාදා දින වන තෙක් පැවති මෙම ඝට්ටනය නිමා වූයේ පොලිසිය විසින් බලහත්කාරයෙන්  ඔහුගේ නිවස තුළට ඇතුළුව ඔහුව  අත් අඩංගුවට ගැනීමෙන් පසුව ය. කෙසේ නමුත්  මෙම ගැටුම ඒ අවට ප්‍රදේශවාසීන් ඒ අසලින් ඉවත් කිරීමටත්  අසල පිහිටි කනිෂ්ඨ පාසල්  සිකුරාදා දින තුල වසා දැමීමටත් පොලිසිය විසින් තීරණය කරන ලදී.

290 Views

Comments