ජපානයේ ළමා අපචාරවල අඩුවක්?


ජපාන ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය උපුටා දක්වමින් සමාජ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි ..

.

ජපාන ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය උපුටා දක්වමින් සමාජ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි ගෙවීගිය 2021 වසර තුළ දී සමස්ත ජපානයෙන් ම වාර්තා වූ ළමා අපචාර සිද්ධි ප්‍රමාණය අවම අගයක පවතින  බව වාර්තා වේ.

ජපාන පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ වසංගත තත්වය හමුවේ පවතින සංචරණ සීමා නිසා ඇතැම්විට මෙම තත්ත්වය අඩු වී ඇති බවත්, ඇතැම්විට සිදුවීම් සිදුවන නමුත් වසංගත තත්ත්වය පාලන පසුබිම හමුවේ ඒවා වාර්තා නොවන බවත්ය. කෙසේ වෙතත් 2021 වසර තුළදී ලමා අපචාර වාර්තා වීමේ අනුපාතය වැඩි වී ඇත්තේ 1%කින් පමණක් වීම විශේෂත්වයකි. 2020 වසර තුළදී එම අගය පැවතියේ 8.6%ක් ලෙසයි.

Comments