පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනේ


පොලිස් නිලධාරීයෙකු ලෙස වංචා සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වේ

.

Gifu ප්‍රාන්ත නගරයේ ස්ථාන කීපයක පිහිටා ඇති ATM යන්ත්‍රවලින් යෙන් මිලියන 2.5 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් 86 හැවිරිදි කාන්තාවකගේ බැංකු කාඩ්පතක් වංචා කළ බවට සැකපිට 38 හැවිරිදි රැකියා විරහිත, නිශ්චිත ලිපිනයක් නොදන්නා Masato Kawai නම් පුද්ගලයෙකු ප්‍රාන්ත පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ . 

 

සැකකරු විසින් පසුගිය ජූනි මාසයේදී නගරයේ පිහිටා ඇති පහසුව සඳහා වන වෙළඳසැලකින් සහ සාප්පු සංකීර්ණයක ATM යන්ත්‍ර තුනකින් මුදල් ලබා ගැනීම සඳහා සොරකම් කරන ලද බැංකු කාඩ්පතක් මෙලෙස භාවිතා කර ඇති බව පැවැසේ. 

 

“තමන්ගේ බැංකු ගිණුමෙන් මුදල් ලබා ගත් අපරාධකරු අල්ලා ගත් බවට පවසමින් නාදුනන පුද්ගලයකුගෙන් තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බව " කාන්තාව මෙහිදී පොලීසියට පැමිණිලි කර තිබූ අතර බැංකු කාඩ්පත ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් දැයි පරික්ෂා කර බැලීම සදහා නිලධාරියෙකු ඇගේ මුදල් කාඩ්පත පරීක්ෂා කිරීමට නිවසට පැමිණෙන බවත් අනතුරුව සොරකම් කළ මුදල් ආපසු ලබා දෙන බවටත් ඔහු ඇයට සහතික වී තිබේ. 

 

එනිසා පොලිස් නිලධාරියකු ලෙස තම නිවසට පැමිණි පුද්ගලයාට රැවටුනු ඇය තම කාඩ්පත ඔහු වෙත භාර දී ඇති බව සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පොලීසිය සඳහන් කළේය.

110 Views

Comments