නොසැලකිලිමත් පාපැදිකරුවන් මර්දනය කිරීමට ටෝකියෝ පොලිසිය පියවර ගනී.


නොසැලකිලිමත් පාපැදිකරුවන් මර්දනයට ජපාන පොලිසිය ක්‍රියාත්මක වේ

.

මාර්ග නීති කඩ කරන පාපැදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ටෝකියෝ පොලිස් නිලධාරීන් සැලසුම් කර ඇත. පොලිසිය පවසා සිටින්නේ අගනුවර රථවාහන අනතුරු සංඛ්‍යාව අඩුවෙමින් පවතින නමුත් පාපැදි සම්බන්ධ සිද්ධීන් ප්‍රතිශතය ඉහළ යමින් පවතින බවයි. 

 

පසුගිය වසරේ එම ප්‍රතිශතය සියයට 43.6 ක් වුනු අතර මාරාන්තික හෝ බරපතළ අනතුරුවලින් සියයට 78කට වඩා වැඩි ප්‍රමාණයක් පාපැදිකරුවන් විසින් මාර්ග නීති උල්ලංඝනය කිරීමෙන් සිදුවූ අනතුරු වේ. කෙසේවෙතත් ටෝකියෝ පොලිස් නිලධාරීන් දැනට ඔවුන්ට දඬුවම් නියම කර නැත. 

 

මාර්ග සංඤා නොසලකන පාපැදිකරුවන්ට ටිකට්පත් නිකුත් කිරීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට පොලිසිය සැලසුම් කර ඇත. පාපැදිකරුවන්ට නැවතුම් සලකුණු වල නතර කිරීමට අපොහොසත් වීම, මාර්ගයක දකුණු පසින් බයිසිකල් පැදීම වැනි කාරණා වලදී ටිකට් පත් නිකුත් කෙරේ.

64 Views

Comments