තම මව්බිමට එරෙහි යුද්ධයේදී චීනය රුසියාවට උදව් නොකළ යුතු බවත් අවම වශයෙන් මධ්‍යස්ථව සිටිය යුතු බවත් යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සිසුන්ට පවසා ඇත.
Zelenskyy බදාදා මාර්ගගත සාකච්ඡාවකදී සිසුන් 21ක් දෙනෙකු අමතා මේ බව පවසා ඇත. එහිදී ශිෂ්‍යයෙකුගෙන් ප්‍රශ්න කළ Zelenskyy පැවසුවේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ රුසියානු ආක්‍රමණය හෙළා දැක ඇති එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් සමඟ බීජිං සම්බන්ධ වෙනවා නම් තමා කැමති බවයි.