Ekiden මැරතන් තරඟයේ ජය Shiseidoට


ජපන් ව්‍යාපාරික කණ්ඩායම් සඳහා වන Ekiden මැරතන් තරඟය අද(27) Miyagi ප්‍රාන්තයේ Matsushima නගරයේදි පැවැත්වුණා.

.

ජපන් ව්‍යාපාරික කණ්ඩායම් සඳහා වන Ekiden මැරතන් තරඟය අද(27) Miyagi ප්‍රාන්තයේ Matsushima නගරයේදි පැවැත්වුණා. තරඟය සංස්කෘතික සංචාරක හුවමාරු මධ්‍යස්ථානයේ සිට Koshin Gomu Athlete Park Sendai දක්වා කොටස් 6 කින් කිලෝමීටර් 42.195 ක දුරකින් යුක්ත වුණා.

මෙහිදී Shiseido කණ්ඩායම පැය 2 යි මිනිත්තු 12 යි තත්පර 28 කින් තරඟය අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඒ වසර 16කට පසු නව තරඟාවලි වාර්තාවක්ද පිහිටුවමිනුයි.

දෙවන ස්ථානය Sekisui Chemical හිමිකරගත් අතර තෙවන ස්ථානය හිමිකරගත්තේ Japan Post Group විසිනුයි.

 

69 Views

Comments