පළමු වරට සඳ වෙත අභ්‍යවකාශ යානයක් දියත් කළ දකුණු කොරියාව 


දකුණු කොරියාවත් අභ්‍යවකාශ තරණයට එකතු වෙයි

.

අනාගතයේදී මනුෂ්‍ය වාසස්ථාන සදහා යොදාගත හැකි ස්ථාන සොයා බැලීම වෙනුවෙන් චන්ද්‍රයා මතුපිට සිදු කරනු ලබන පර්යේෂණ සදහා එරට ඉතිහාසයේ පළමු වරට චන්ද්‍ර කක්ෂයක් දියත් කරමින් දකුණු කොරියාව සිය දායකත්වය දැක්වූ

අතර Cape Canaveral හි සිට "Danuri" රැගත් SpaceX හි Falcon 9 රොකට්ටුව පසුගිය බ්‍රහස්පතින්දා දින හිරු බැස යෑමට ආසන්න මොහොතේදී සිය ගමනාරම්භය සනිටුහන් කළේය. 

 

SpaceX විසින් දියත් කරන ලද "Danuri " එනම් "සඳ භුක්ති විඳින්නා" යනුවෙන් හැඳින්වෙන නව චන්ද්‍රිකාව ඉන්ධන සංරක්ෂණය කිරිමේ පියවරක් ලෙස දිගු, වටරවුම් මාර්ගයක් ගනිමින් සිටින අතර "Danuri යනු ආරම්භයක් පමණයි" යනුවෙන් කොරියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සභාපති Sang-Ryool Lee SpaceX දියත් කිරීමේ වෙබ් විකාශනයට එක් වෙමින් ප්‍රකාශ කළේය .  

 

දකුණු කොරියාව විසින් ඩොලර් මිලියන 180 ක‍ පිරිවැයක් යටතේ දියත් කරන ලද මෙම චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම මගින් චන්ද්‍ර පෘෂ්ඨයේ සිට සැතපුම් 62 ක් ඉහලින් ගමන් කිරීමට නිර්මාණය කර ඇති පෙට්ටි හැඩැති සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන චන්ද්‍රිකාවක් දක්වන අතර මෙම පහත් ධ්‍රැවීය කක්ෂයේ සිට අවම වශයෙන් වසරක කාලයක් සදහා භූ විද්‍යාත්මක සහ අනෙකුත් වැදගත් දත්ත රැස් කිරීම මෙම මෙහෙයුමේ අපේක්ෂාව ලෙස විද්‍යාඥයින් දක්වා තිබේ.

138 Views

Comments