ලෝකයේ අවන්හල් සම්ප්රදාය තුළ වෙනස්ම ආරයක් ගත් භෝජන රටාවක් උරුම ජපාන අවන්හල් සැලකෙන්නේ අතිවිශාල ආහාර වර්ගීකරණයක් සහ විශාල මෙනු පතක් ඇති භෝජන පාරාදීසයක් ලෙසටයි.
ජපාන අවන්හල් බොහෝමයක ඇතුළුවීමේ දොරටුව අසල තබා ඇති කැබිනට්ටු තුළ ආහාර දර්ශනය කර ඇති අතර ඒවා බොහොමයක් ප්ලාස්ටික් වලින් සාදන ලද කෘතීම ආහාර දර්ශක වේ. කෙසේ වෙතත් මෙම ආහාර දර්ශකවලට සමානවම ඇනවුම් කරන ආහාරය ලබාදීමට තරම් මොවුන් දක්ෂ සූපවේදීන් බව කිව මනාමය. ඇතුළු වූ සැණින් උණුසුම් පිළිගැනීමක් "irasshaimase" ලෙස ලැබෙන අතර මේ ආගන්තුක සත්කාරය භෝජන ගෙන අවන්හලෙන් පිට වන තුරුම පාරිභෝගිකයාට අත්විඳීමට හැකි වීම ජපාන අවන්හල වල විශේෂත්වයකි. කරුණු එසේ වුවත් පවතින වසංගත තත්වය හමුවේ මෙම අවන්හල්වල උපරිම සේවාව අත්විඳීමට පාරිභෝගිකයින්ට සහ සංචාරකයන්ට තව මද කලක් ඉවසීමට සිදුවනු ඇති.