තෝකියෝ හි Nishi-Kokubunji දුම්රිය ස්ථානයේ දී JR Chuo Line දුම්රියේ ගැටීමෙන් 15 හැවිරිදි පාසල් දැරියක් මියගොස් තිබෙනවා.
තෝකියෝ දුම්රිය ස්ථානයෙන් ඔට්සුකි දුම්රිය ස්ථානයට පිටත්ව යන විශේෂ ශීඝ්රගාමී දුම්රිය සවස 5:30 ට පමණ මෙලෙස දැරියගේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය ප්රකාශ කර සිටියේ එම ස්ථානයේදීම දැරිය මියගොස් ඇති බව තහවුරු වූ බවයි.