මාස 4කට පසුව ජපානයේ ගෘහාශ්‍රිත වියදම් යථා තත්ත්වයට පත් වෙයි


ජපානයේ ආර්ථිකය නැවතත් සෙමින් යථා තත්ත්වය ට පත්වේ

.

COVID-19 වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියට එරෙහිව පනවා තිබූ සංචරණ සීමා ඇතුළු සීමාවන් රාශියක් පසුගිය කාලය තුළදී ඉවත් කිරීම හේතුවෙන් මාස හතරකට පසු පළමු වතාවට ගෙවීගිය ජුනි මාසයේ සිට ඉහළ පුරවැසියන් සංඛ්‍යාවක් තම නිවෙස්වලින් පිටතට යාමට පෙළඹුනු අතර ඒ හේතුවෙන් ජපානයේ ගෘහාශ්‍රිත වියදම් වසරකට පෙර පැවැති අගය මෙන් 3.5% අගයකින් සැබෑ ලෙස ඉහළ ගොස් ඇති බව රජය සිකුරාදා දින නිවේදනය කළේය.

 

එම මාසය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින පවුල්වල සාමාන්‍ය මාසික වියදම යෙන් 276,885 මට්ටමක පැවති බව අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය මෙහිදී පෙන්වා දුන් අතර රටේ පුද්ගලික පරිභෝජනයේ ප්‍රධාන දර්ශකයක් වන ගෘහස්ථ වියදම් , ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට දායක වේ.

 

මෙලෙස භාණ්ඩ හා නිෂ්පාදන මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යාම නිසාවෙන් වැසියන්ට දැඩි පිඩනයකට මුහුණ දීමට සිදුවූ නමුත්, වසංගත ව්‍යාප්තියට එරෙහි සංචරණ සීමාවන් නොමැති වීම සහ කාලගුණික තත්ත්වයන් වැනි වෙනත් සාධක වල වෙනස් වීම මිනිසුන්ගේ දෛනික මාසික වියදම මෙලෙස ඉහළ යාමට බලපා ඇති බව මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්‌වමින් අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.

157 Views

Comments