කථන අපහසුතා ඇති පිරිමි ළමයෙකු වාචිකව අපයෝජනය කළ ගුරුවරයෙකුගේ වැඩ තහනම් කෙරේ


පිරිමි දරුවකු අපයෝජනය කල ගුරුවරයෙක්ගේ වැඩ තහනම් කරයි

.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පන්තියක හයවන ශ්‍රේණියේ සිසුවෙකු නැවත නැවතත් අපයෝජනය කර ඔහුගේ තත්ත්වය පිළිබඳව අසත්‍ය වාර්තාවක් ගොනු කිරීම සම්බන්ධයෙන් Osaka ප්‍රාන්තයේ නගර අධ්‍යාපන මණ්ඩලය විසින් අගෝස්තු 5 වන දින අදාළ සැකකාර 39 හැවිරිදි ප්‍රාථමික පාසල් ගුරුවරයාට එරෙහිව මාස හයක පන්ති තහනමක් පනවා ඇති බව වාර්තා වේ. 

 

2021 අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී සැකකාර ගුරුවරයා විසින් "ආයුබෝවන් කියන්න" යැයි විටෙක ඔහුට අණ කර ඇති අතර විටෙක ඔහුව විවේචනය කරමින්, "ඔබට අවම වශයෙන් ස්තූතියි කියන්නවත් පුළුවන්ද" යනුවෙන් පවසමින් පිරිමි ළමයාගේ උරහිසට තදින් පහර දී ඇතැයි සැක කෙරේ.

 

කෙසේ වෙතත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී “සිසුවාගේ ඉදිරි සමාජ ජීවිතය ගැන සලකා බලා මම මගපෙන්වීමක් ලබාදුන්නා” යනුවෙන් ඔහු විසින් අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති නමුත් පසුව "මගේ නායකත්ව හැකියාව නොමැතිකම නිසා මම මගේ කලකිරීම ඔහුගෙන් පිට කළෙමි" යනුවෙන් පවසමින් තම වරද පිළිගෙන තිබේ. 

 

පසුගිය 2021 වසරේ නොවැම්බර් මාසයේදී පිරිමි ළමයාගේ භාරකරුවන් පාසලෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණි මොහාතක අපයෝජනය පිලිබදව අනාවරණය වී ඇති අතර ගුරුවරයාගේ මෙම අමානුෂික හැසිරීමට බිය වූ දරුවා 2021 අගෝස්තු සිට 2022 ජනවාරි දක්වා වූ කාලය තුළදී පාසලට නොපැමිණි බව සඳහන් වේ.

127 Views

Comments