ජපාන කොන්ත්‍රාත් සමාගම් වලට අනතුරු ඇඟවීම්


පසුගිය දිනක හෙළිදරව් වූ  ජපාන කොන්ත්‍රාත්  සමාගමක පුහුණු සේවකයෙක් ලෙස පැමිණි වියට්නාම ජාතිකයෙකුට එම ආයතනයේ ?

.

පසුගිය දිනක හෙළිදරව් වූ  ජපාන කොන්ත්‍රාත්  සමාගමක පුහුණු සේවකයෙක් ලෙස පැමිණි වියට්නාම ජාතිකයෙකුට එම ආයතනයේ සේවය කළ අනෙකුත් ජපන් සේවකයන්ගෙන් සිදු වූ අඩම්තේට්ටම් සම්බන්ධ සිදුවීම හේතුවෙන් මේ වන විට ජපන් රජය මෙවැනි සිදුවීම් පිළිබඳ කරුණු සොයා බලන්නකු සහ අතරමැදි තවත් පාර්ශ්වයකට  මෙවැනි සිදුවීම් තුළින් විදේශවල සිට මෙරටට පැමිණෙන සේවකයන්ට සිදු වන අපචාර හැකිතාක් වැළැක්වීමට කටයුතු සැලසුම් කරන ලෙස උපදෙස් දී ඇතැයි ජපාන අධිකරණ අමාත්‍ය පසුගිය අඟහරුවාදා දින නිවේදනය කළේය.

 

රාජ්‍ය නිලධාරීන් පවසන පරිදි තාක්ෂණික සීමාවාසික පුහුණු කටයුතු සඳහා වූ සංවිධානය  මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් වගවිභාග කරන අතර මෙම කරුණ පිළිබඳව සොයා බැලීමේ වගකීම්  සහිත පාර්ශවය පුහුණුව  ලබන්නා සහ අදාල සමාගම අතර අතරමැදියකු ලෙස කටයුතු කරමින් යම් අකටයුත්තක් සිදු වුණි නම් අදාල සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමට ද  බල සහිත බව නිවේදනය කර ඇත.

 

මෙම සිදුවීමට අදාළ හතළිස් එක් හැවිරිදි පුද්ගලයා නියෝජනය කරමින් ඉදිරිපත්වූ කම්කරු සංවිධානය විසින් පවසා තිබුණේ ඔහු වසර දෙකකට ආසන්න කාලයක්  අදාල ජපාන කොන්ත්‍රාත් සමාගමේ සේවකයන් විසින්  ඉතා සාහසික ලෙස අඩම්තේට්ටම්වලට ලක් කර ඇති බවයි.මේ හේතුවෙන් ඔහු ඉතා දරුණු තුවාල වලට මෙන්ම අස්ථි බිඳීම් වලට ද ලක්ව ඇත 

 

Comments