Nobuo Kishi ගේ තනතුර මාරුවෙන සලකුණු


කැබිනට් සංශෝධනයේදී වත්මන් ආරක්ෂක ඇමැතිගේ තනතුර මාරුවීමට ඉඩ කඩ ඇති බව ආරංචි මාර්ග පවසයි

.

හිටපු ජපාන අග්‍රාමාත්‍ය Shinzo Abe ගේ ඝාතනයෙන් පසුව අවධානයට ලක්වූ ආගමික කණ්ඩායමේ සාමාජිකයින් සමග රටේ වත්මන් ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi, මීට පෙර අවස්ථාවක සබදතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ  අග්‍රාමාත්‍ය Fumio Kishida විසින් එළැඹෙන බදාදා දින සිදු කිරීමට නියමිත පළමු කැබිනට් ප්‍රතිසංස්කරණයේදී ඔහුගේ තනතුර මාරු විය හැකි බවට මේ සම්බන්ධ සමීප ආරංචි මාර්ග සෙනසුරාදා ප්‍රකාශ කළේය .

 

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ කනිෂ්ඨ සභාග හවුල්කරුවෙකූ සහ Kometo හි සාමාජිකයෙකු වන මුදල් අමාත්‍ය Shunichi Suzuki සහ ඉඩම් අමාත්‍ය Tetsuo Saito යන දෙදෙනා සිය කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයින් ලෙස රඳවා තබා ගැනීමට Kishida අපේක්ෂා කරන බවත් එක්සත් පල්ලිය සමග පැවති සම්බන්ධකම් පරීක්ෂා කර පැහැදිලි කිරීමට වත්මන් සහ අනාගත අපේක්ෂකයින් යන සියලුම කැබිනට් ඇමතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් මෙම ආරංචි මාර්ග තවදුරටත් සදහන් කළේය. 

 

ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ වලදී Abe ගේ සහෝදරයෙකු වන Kishi,  "ලෝක සාමය සහ එකමුතුකම සඳහා වන" පවුල් සම්මේලනය ලෙස විධිමත්ව හැඳින්වෙන Unification පල්ලියෙන් සංවිධානාත්මක සහයෝගය ලබා ගැනීම කිහිපවරක්ම ප්‍රතික්ෂේප කර ඇති නමුත් පසුගිය මැතිවරණවලදී ඔවුන්ගෙන් උදව් ලැබුණු බවට පිළිගැනීම නිසා ඔහුගේ තනතුර අවිනිශ්චිත භාවයට පත්ව ඇති අතර කණ්ඩායම සමඟ පැවැති සබඳතා සියල්ලම සමාලෝචනය කර ඉදිරිපත් කිරීමට ඔහු අපේක්ෂාවෙන් සිටින බව පැවැසේ.

93 Views

Comments