බාලවයස්කාර දැරියක් සමඟ ලිංගිකව හැසිරුණු වෛද්‍යවරයා අත්අඩංගුවට


බාල වයස්කාර දැරියක් ලිංගිකව අපයෝජනය කළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනේ

.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී Kagawa ප්‍රාන්තයේ Kanonji හි පිහිටා ඇති හෝටලයකදී   බාල වයස්කාර දැරියක සමඟ ලිංගික ක්‍රියාවක් සිදු කළ බවට සැකපිට 35 හැවිරිදි Toshihiro Iida  නම් වෛද්‍යවරයකු Hyogo ප්‍රාන්තයේ Himeji පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

පොලිස් වාර්තාවලට අනුව, පසුගිය සැප්තැම්බර් මාසයේදී ආලය කිරිමේ යෙදුමක් හරහා Toshihiro, මෙම 13 හැවිරිදි දැරිය දැන හඳුනගෙන ඇති අතර Himeji හි ජීවත් වන ඇයව Kanonji හෝටලයේදී හමුවී ඇත . දැරිය තමන් සිටි ස්ථානය සහ තමන්ට සිදුවූයේ කුමක්දැයි ඇයගේ දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව ඔවුන් විසින් Toshihiro ට එරෙහිව පොලිසියට පැමිණිලි කර තිබේ. 

 

"මම දැරිය සමඟ ලිංගික ක්‍රියාවක් සිදු කළා කියලා මම පිළිගන්නවා. නමුත් ඇය බාලවයස්කරුවෙකු කියලා මම දැනගෙන  හිටියේ නෑ. දැරිය සමඟ අසභ්‍ය දෙයක් කළ බවක් මට මතක නෑ " යනුවෙන් Toshihiro පාපොච්චාරණය කළ බව සඳහන් වේ

97 Views

Comments