ටෝකියෝ නගරයට යාබද සයිටාමා ප්‍රාන්තයේ Fujimino නගරයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත්තේ සිය නිවසට පැමිණි සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වෙඩි තබා තුවාල සිදුකර අනෙක් තැනැත්තා වධහිංසා පමුණුවා සිය භාරයේ පැය 11ක් රඳවා තබා ගැනීම සම්බන්ධවයි. රඳවා තබා ගත් මෙම පුද්ගලයා පසුව මරණයට පත්වී තිබුණි. පොලිසිය සිද්ධිය වූ නිවස ළඟා වන විට පලායාමට උත්සාහ කල සැකකරු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. Hiroshi Watanabe නම් එම තැනැත්තා 66 හැවිරිදි පුද්ගලයෙකු වූ අතර මියගිය සෞඛ්‍ය සේවකයා 44 හැවිරිදි Junichi Suzuki මං වෛද්‍යවරයෙකු බව සනාථ වී තිබේ. තුවාල ලද අනෙක් තැනැත්තා 41 හැවිරිදි භෞත චිකිත්සකයකු බව හඳුනාගෙන තිබේ.