ආදරණීය තාත්තාට ආදරණීය තිළිණයක්...


වකයාමා ප්‍රාන්තයේ ශිරහමා සත්වෝද්‍යානයේ වාසය කරන, "එයිමෙයි" නම් පැන්ඩා තාත්තාට...

.

වකයාමා ප්‍රාන්තයේ ශිරහමා සත්වෝද්‍යානයේ වාසය කරන, "එයිමෙයි" නම් පැන්ඩා තාත්තාට ආදරණීය රසවත් තිළිණයක් ආදරවන්තයින්ගේ දිනයේ දී ලබාදීමට සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර තිබේ.

පැටවුන් 16 දෙනෙකුගේ පියා වන, 29 හැවිරිදි එයිමෙයිට ඔහු කැමතිම ආහාරවලින් පරිපූර්ණ වූ ආහාර වේලක් පිරිනැමීමට ඔවුන් ක්‍රියාකර තිබුණි. කැරට් සහ ඇපල් හදවතේ හැඩයට කපා විශාල උණ බට පිගානක බහා ඔහුට සංග්‍රහ කර තිබුණි. ඔහු ක්‍රීඩා කරන භූමියට මෙම ආහාර පිගාන තැබූ සැනින්,දිව විත් එය රැගෙන ඔහු අනුභව කරන ආකාරය බලා සිටී සියලුම දෙනා අයගේ දෙනෙතට කඳුලක් එක් කරන ලද බව වාර්තා වේ.

270 Views

Comments